කොළඹ සහ තදාසන්න නගරවල අනවසර කසළ බැහැර කිරීම අවම කිරීම සඳහා විශේෂ වැටලීම් වැඩසටහනක් පොලීසිය විසින් ක්රියාත්මක කර තිබේ. ආරක්ෂක ලේකම්වරයාගේ සංකල්පයකට අනුව ශ්රී ලංකා පොලීසිය හා යුද හමුදාව එක්ව මෙය ක්රියාත්මක කර ඇති අතර කොළඹ මහනගර සභාව සහ මහරගම, බොරලැස්ගමුව, කඩුවෙල, ශ්රී ජයවර්ධනපුර කෝට්ටේ, දෙහිවල/ ගල්කිස්ස, මොරටුව යන පළාත් පාලන ආයතනවල මෙම වැඩපිළිවෙළ මේ වන විට සාර්ථකව සිදු වන බව පොලිසිය සඳහන්කළේය.