විපතට ජනතාවට සහන සැලසීමේ කාර්යයේ නිරතව තිබූ ගුවන් හමුදාවට අයත් MI – 17 වර්ගයේ ගුවන් යානයකට අද (29දා) සිදුවූ කාර්මික දෝෂය හේතුවෙන් සිදුවන්නට ගිය විනාශය වළකාගත් එම ගුවන් යානයේ නියමුවාට ජනාධිපතිවරයා සිය ප්රණාමය පුදකර තිබේ.
මෙම හමුදා හෙලිකොප්ටර් යානය ගාල්ල, බද්දේගම ප්රදේශයේ සහන සැලසීමේ කාර්යයේ නිරත වෙමින් තිබියදී කාර්මික දෝෂයකට ලක්ව තිබූ අතර, අනතුරින් කිසිදු ජීවිත හානියක් සිදුනොවී එය ගොඩබැස්සවීමට ගුවන් නියමුවා කටයුතු කර තිබිණි.