(CCTV - PHOTOS) ගාල්ල දංගෙදර ප්‍රදේශයේදී ත්‍රිරෝද රථයක ගැටුණු තරුණියක රෝහල්ගත කරන බව පවසමින් රැගෙන ගොස් තුවාල ලැබූ තරුණිය අතරමග දමාගිය බව කියන අනතුර සිදුකළ ත්‍රිරෝද රථයේ රියැදුරා ගාල්ල අතිරේක මහේස්ත්‍රාත් කේසර සමරදිවාකර මහතා හමුවට අද (11දා) ඉදිරිපත් කිරීමෙන් පසුව එළැඹෙන 15 දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කළේය.
ගාල්ල දංගෙදර සමගිවත්තේ පදිංචිකාරියක වන පාතිමා ෆර්මිලා නැමති දහනව හැවිරිදි තරුණිය දංගෙදර ප්‍රදේශයේ දී පසුගිය 09 වැනිදා ත්‍රිරෝද රථයක ගැටී අනතුරට ලක්ව ඇත.
මෙම අනතුරින් පසුව තුවාල ලැබූ එම තරුණිය රෝහලට ඇතුළත් කිරීම සඳහා රැගෙන ගොස් ඇත්තේ අනතුර සිදුකළ රථයේ රියැදුරු විසින්මය. නමුත් එම පුද්ගලයා තුවාලකාරිය රෝහලට ඇතුළත් නොකර අතරමග දමාගොස් ඇතැයි තරුණියගේගේ ඥාතීහු පවසති.
පසුව තුවාලකාරිය රෝහල්ගත කර ඇති අතර ඇය ගාල්ල කරාපිටිය රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියි. මෙම තරුණිය යටකර ධාවනය කරනු ලැබූ ත්‍රිරෝද රථයේ රියැදුරාට රියැදුරු බලපත්රයක්ද නොමැති පොලිස් පරීක්ෂණවලදී හෙළිවී තිබේ.
අනතුර සිදුවූ අකාරය අසල නිවසක තිබු සීසීටීවී කැමරාවල මෙසේ සටහන්වී තිබුණි.
හිනිදුම රවීන්ද්‍ර ශ්‍රීලාල්