අධිවේගි මාර්ග ඉදිකිරීමේදී ද කඳුවලින් පස් කාන්දුවීම වැළැක්වීම සඳහා යොදාගෙන තිබෙන තාක්ෂණික ක්‍රමවල දුර්වලතා පවතින බව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පෙන්වා දෙයි.
ඒ අනුව ඉදිරි සැලසුම් සකස් කිරීමේදී පාංශූ ඛාදනය වළක්වා ගැනීම පිළිබඳ ප්රමුඛ අවධානයක් යොමු කරමින් අදාළ ව්‍යාපෘති කි‍්‍රයාවට නැංවීමේ අවශ්‍යතාවය ද ඔහු පෙන්වා දී ඇත.
පාංශු සංරක්ෂණ මණ්ඩලයේ නිලධාරින් සමග අද (28දා) ජනාධිපති කාර්යාලයේ පැවති හමුවකදී ඔහු මේ බව පවසා ඇත.
එසේම ස්වභාවික ආපදා තත්ත්වයන් හමුවේ මෙන්ම විවිධ ජාවාරම්කාර ව්‍යාපාර හමුවේ දිනෙන් දින ඉහළ යන පාංශු ඛාදනය වළක්වා ගනිමින් පස සංරක්ෂණය කිරීම සඳහා පාංශු සංරක්ෂණ පනත සකී‍්‍රයව කි‍්‍රයාත්මක කිරීමේ අවශ්‍යතාවය ජනපති මෙහිදි පවසා ඇත.