අධිවේගී මාර්ග භාවිත කරමින් වාහන ධානය කිරීමේදී උපරිම වේගය පැයට කිලෝමීටර් 60 ට වාහන ධාවනය කරන ලෙස මාර්ග සංවර්ධන අධිකාරිය ඉල්ලා සිටියි. එසේම වාහනයේ ප්රධාන ලාම්පුව දල්වාගෙන ගමන් ගන්නා ලෙසත් මාර්ග සංවර්ධන අධිකාරිය රියදුරන්ගෙන් ඉල්ලා සිටිය. පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මෙම උපදෙස් ලබාදී ඇත.
වාහනයක් ඉස්සර කිරීමේදී සැලකිය යුතු පරතරයක් පවත්වා ගන්නා ලෙසත් නැවත පෙර මංතීරුවට පැමිණීමේදීද සැලකිය යුතු පරතරයක්තබා ගන්නා ලෙසත් අධිවේගී මාර්ග නඩත්තු හා මෙහෙයුම් අංශයයේ අධ්යක්ෂ එස්. ඕපනායක මහතා පවසයි.