ගෙවී ගිය පැය 24ක කාලය තුළදී අධිවේගී මාර්ගය හරහා රථවාහන 57,000කට අධික ප්‍රමාණයක් ධාවනය කර තිබෙන බව අධිවේගී මාර්ග නඩත්තු හා මෙහෙයුම් අධ්‍යක්ෂක එස්. ඕපනායක මහතා සඳහන් කළේය.
මෙම කාලය තුළ රුපියල් එක්කෝටි අසූ ලක්ෂයකට ආසන්න ආදායමක් ලැබී තිබෙන බවත්, අධිවේගී මාර්ග ඉදිකිරීමෙන් පසු අඩුම රිය අනතුරු ප්‍රමාණයක් වාර්තා වූයෙත් මේ වසරේ සිංහල අලුත් අවුරුදු සමයේදී බවත් හෙතෙම පවසා සිටියේය.
අප්‍රේල් 08 වැනි දින සිට ඊයේ (17දා) දිනය දක්වා රිය අනතුරු 38ක් සිදුවී තිබුණද තුවාල ලබා තිබෙන්නේ පුද්ගලයන් තිදෙනෙකු බවද ඕපනායක මහතා කියා සිටියේය.