උත්සව සමයේ දක්ෂිණ අධිවේගී මාර්ගයේ ඇතිවිය හැකි රථවාහන තදබදයට විසඳුමක් ලෙස අතිරේක පිවිසුම් දොරටු භාවිත කරන ලෙස මහාමාර්ග අමාත්‍යාංශය රියදුරන්ගෙන් ඉල්ලීමක් කරනවා.
ඒ අනුව අප්‍රේල් 13 වනදා දක්වා කොළඹින් පිටතට ගමන් කරන වාහනවල සහ අප්‍රේල් 15 වනදා සිට 18 වනදා දක්වා කොළඹ දෙසට පැමිණෙන වාහනවල තදබදයක් අපේක්ෂා කළ හැකි බැවින් එවැනි අවස්ථාවලදී අතිරේක පිවිසුම් දොරටු භාවිත කරන ලෙස මහාමාර්ග අමාත්‍යාංශය ඉල්ලා සිටියි.