මධ්‍යම කඳුකරයේ මේ දිනවල පවතින අධික ශීතල කාලගුණ තත්ත්වයත් සමගම ජන ජීවිතයට ගැටලු රැසක් මතු වී තිබේ.
අලුයම් කාලයේ ප්‍රදේශය පුරා පවතින අධික ශීතල කාලගුණය නිසා ඇතැම් පිරිස් ගිනිමැල ගසා ඇග උණුසුම් කරගැනීමටද කටයුතු කරමින් සිටිති.
පවතින අධික ශීතල කාලගුණයත් සමග තවදුරටත් නුවරඑළිය ප්‍රදේශයේ ස්ථාන කිහිපයකටම මල්තුහින පතිත වන අතර, එම මල්තුහින පතිත වීමෙන් එළවළු වගාවට මෙන්ම තේ වගාවටද බලපෑම් ඇති වී තිබේ.
එළවළු වගාවට පතිත වන මල්තුහිනවලින් ආරක්ෂා කරගැනීම සඳහා හිරු එළිය වැටීමට ප්‍රථම එළවළු වගාවේ තැන්පත් වී තිඛෙන මල්තුහින ජලය යොදා සෝදා හැරීමටද ගොවීහු පුරුදු වී සිටිති. එහෙත් තේ වගාවට එය සිදුකළ නොහැකි බව වතු අධිකාරිවරු පවසති.