ක්රිකට් තරග නැරඹීමට පැමිණෙන ප්රේක්ෂකයන්ට අධික ශබ්දය ගෙන දෙන නළා (Hooters/Horns) ක්රීඩා පිටි තුළට ගෙන ඒම සපුරා තහනම් බව ශ්රී ලංකා ක්රිකට් ආයතනය පවසයි. ඒ අනුව එවැනි නළා ගෙන එන්නන්ගෙන් එම නළා ලබා ගැනිම සඳහා ක්රීඩාංගණ තුළ ආරක්ෂාව තරකර ඇතැයිද ශ්රී ලංකා ක්රිකට් ආයතනය නිවේදනය කරයි.