නීතිවිරෝධී අන්දමින් මෙරටට රැගෙනවිත් තිබූ ඇමෝනියා පැකට් 4,005ක් සමග පුද්ගලයන් දෙදෙනෙකු ඊයේ (21දා) මුන්දලම උඩප්පුව වෙරළ තීරයේදී අත්අඩංගුවට ගැනීමට හැකිවූ බව මුන්දලම පොලීසිය සඳහන් කරයි.
මෙසේ අත්අඩංගුවට ගනු ලැබුවේ ඉන්දියාවේ සිට ධීවර යාත්රා යොදාගනිමින් මෙරටට රැගෙනවිත් ලොරි රථයකින් ප්රවාහනය කරමින් සිටියදී බව මුන්දලම පොලීසිය පැවසීය.
අත්අඩංගුවට පත්වූ පුද්ගලයන් දෙදෙනා කල්පිටිය ප්රදේශයේ පදිංචි පියෙකු සහ පුතෙකු බව මුන්දලම පොලීසිය සඳහන් කළේය.
ඇමෝනියා අධික විෂ සහිත හෙයින් ඒවා බලපත්ර නොමැතිව ළඟ තබාගැනීම බරපතළ වරදක් බවත්, ඒ අනුව මෙම සැකකරුවන් දෙදෙනා පුත්තලම අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවත් මුන්දලම පොලීසිය වැඩිදුරටත් සඳහන් කරයි.
සිද්ධිය සම්බන්ධයෙන් මුන්දලම පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.