දැනට පවත්නා වැසි සහිත අයහපත් කාලගුණ තත්ත්වය දිවයිනේ බොහෝ ප්‍රදේශවලට, විශේෂයෙන් දිවයිනේ දකුණු අර්ධයට තවදුරටත් බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
බටහිර, මධ්‍යම, සබරගමුව, නැගෙනහිර, දකුණු සහ ඌව පළාත්වල සමහර ස්ථානවලට ඉතා තද වැසි (මිලී මීටර් 150 කට වඩා) ඇතිවීමටද ඉඩ ඇති බවද පෙන්වා දෙයි.
දිවයිනට බටහිර සහ දකුණු දෙසින් පවතින ක්‍රියාකාරී වලාකුළු පද්ධතිය හේතුවෙන් යාපනයේ සිට කොළඹ සහ ගාල්ල හරහා හම්බන්තොට දක්වා වන මුහුදු ප්‍රදේශ වල ක්ෂණිකව සුළං වේගය ඉහළ යාමට ඉඩ ඇති අතර එවිට එම මුහුදු ප්‍රදේශ ක්ෂණිකව රළු වීමට වැඩි හැකියාවක් පවතින බවත්, දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල වැසි හෝ ගිගුරුම් සහිත වැසි තව දුරටත් පවතින බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.