මඩකලපුව හමුදා කඳවුරකට බලෙන් ඇතුළු වූ බව සඳහන් විශ්වවිද්‍යාල ශිෂ්‍යයා අධ්‍යාපන කටයුතු හේතුවෙන් සිත්තැවුලට පත්ව මානසික අසහනයකින් පසු වූ අයෙකු බව හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් රුවන් වනිගසූරිය මහතා පැවසීය.
නැගෙනහිර විශ්වවිද්‍යාලයේ මඩකලපුව මණ්ඩපයට අයත් මෙම ශිෂ්‍යයා ඊයේ සවස පහට පමණ හමුදා කඳවුරු අසල සිහිවිකල් ආකාරයෙන් සිටියදී හමුදා සෙබළුන් විසින් පොලීසියට භාර දී තිබුණු බවද ඔහු කීය.
එම ශිෂ්‍යයා නීතිය කඩකිරීමක් කර නැති බැවින් ඔහුට ප්‍රතිකාර කිරීමට අවශ්‍ය පියවර ගත් බව බ්‍රිගේඩියර්වරයා වැඩිදුරටත් සඳහන් කළේය.