කිසිදු රජයක් මෙතෙක් අධ්‍යාපනයට වෙන් නොකළ මුදලක් 2016 අයවැය තුළින් නව රජය වෙන් කර ඇති බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශකළේය. එම මුදල පසුගිය දශක කිහිපය තුළ වාර්ෂිකව වෙන් කළ මුදලට වඩා සිව් ගුණයක් බවත් ජනාධිපතිවරයා පැවසුයේ අද(21) මාළඹේ ආදර්ශ පිරිමි විද්‍යාලයේ වාර්ෂික ත්‍යාග ප්‍රදානෝත්සවයට එක්වෙමිනි.
දරුවන් සමාජය තුල මුහුණ දෙන ඛේදවාචකයන්ගෙන් ගලවා ගැනිමට දෙමාපියන් සහ ගුරුවරුන් අතර වඩා සංවාදශිලි අවස්ථා ඇති කරමින් සුහදතාවය වැඩි කිරිමට විශේෂ වැඩපිලිවෙළක් ලබන වසරේ සිට ක්‍රියාවට නංවන බවද ජනාධිපතිවරයා එහිදී ප්‍රකාශ කළේය.