අධ්‍යාපනයට මිලියන 90000ක්
"අධ්‍යාපනයේ ගුණාත්මක භාවය වැඩි කිරීම සඳහා සියලු ගුරුවරුන් සඳහා වසර 05ක පුහුණු කාලයක් ලබාදීමට කටයුතු කරනවා.දිවයිනේ සියලු පාසල්ව සනීපාරක්ෂක සේවා ලබාදීමට මිලියන 4000ක්, විදුලි පහසුකම් ලබාදීමට මිලියන 2000ක්, ප්‍රාථමික පාසල් 1000 ක් සඳහා රු. මිිලියන 1000 ක් ලබාදෙනවා. ද්වීතික පාසල් සංවර්ධනයට රුපියල් මිලියන 15000ක්, අවධානය යොමු නොවූ පාසල් සඳහා මිලියන 30000ක, වැවිලි ක්ෂේත්‍ර යේ පාසල් සඳහා මිලියන 250ක්,විද්‍යාගාර ලබාදීමට මිලියන 450ක්, දන්ත සෞඛ්‍ය නැංවිමට මිලියන 250ක්, පාසල් වල භාවිත කර නැති ඉඩම් පෞද්ගලික අංශය හා එක්ව වගා කිරීමට කටයුතු කරනවා. ආදායමෙන් කොටසක් පාසල් සඳහා ලබාදිය යුතු වෙනවා.අධ්‍යාපනය වෙනුවෙන් දළ ජාතික ආදායෙමන් 5.51% ක් ලබා දී තිබෙනවා. අධ්‍යාපනයට මිලියන 90000ක් වෙන්කර තිබෙනවා" යැයි මුදල් අමාත්‍යවරයා අය-වැය යොජනා ඉදිරිපත් කරමින් පැවැසීය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

