අධ්‍යාපනය වෙනුවෙන් අරගල කීරීම වරදක් ලෙස සලකා අන්තරේ කැදවුම්කරු සිරගත කර ඇති බවත් මම ප්‍රශ්න වලට අරගල කිරීම ඇරෙන්න වෙන විකල්පයක් නොමැති බවත් අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ වැඩ බලන කැඳවුම්කරු සනත් බණ්ඩාර පැවසීය.
අද කොළඹ පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් හෙතෙම පැවසූයේ
මෙවැනි තත්ත්වයක් ඇතුලේ තමයි අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු ලහිරු වීරසේකර සහෝදරයාවත් සිරගත කරලා තියෙන්නේ. දැන් ලහිරු වීරසේකර සහෝදරයාට තියෙන චෝදනාව තමයි උසාවි නියෝග කඩ කළා. උසාවියට අපහාස කළා කියලා. නමුත් අපි පහුගියකාලයක් තිස්සේ අරගල කළේ උසාවියත් එක්ක තියෙන ප්‍රශ්නයක් බේරගන්න නෙවෙයි. අපි සටන් කළේ මේ පාලකයන්ගේ අධ්‍යාපනය, සෞඛ්‍ය ආදිය සම්බන්ධයෙන් තියෙන ප්‍රතිපත්තිත් එක්ක. අපි පාගමන් ගියේ උද්ඝෝෂණ කළේ මේ ආණ්ඩුවට මේ තියෙන ප්‍රශ්න සම්බන්ධයෙන් උත්තර දෙන්න කියලා බල කරලා.
මෙතනදී ඒ ප්‍රශ්න වලට පහුගිය ආණ්ඩුව වගේම මේ අයත් කළේ ඒවට උත්තර දෙනවා වෙනුවට ඒ අයගේ නිල මර්දන යාන්ත්‍රණය, යොදවලා උසාවි භාවිතා කරලා. පොලිසි පාවිච්චි කරලා මර්දනය කිරීම. ලහිරු සහෝදරයා කරලා තියෙන වැරුද්ද මේ රටේ අධ්‍යාපනය වෙනුවෙන් අරගල කිරීම.
අධ්‍යාපනය සම්බන්දයෙන් විතරක් නෙවෙයි අනෙකුත් සෑම දෙයක් සම්බන්දයෙන්ම මේ පාලකයන්ගේ පතිපත්තිය මේකමයි. අපි කියනවා මේ ප්‍රශ්න වලට අරගල කිරීම ඇරෙන්න වෙන විකල්පයක් නෑ. එතැනදී අපි දන්නවා ඒ සෑම බලවේගයකටම විරුද්ධව ආණ්ඩුවේ මර්දන යාන්ත්‍රණය කි‍්‍රයාත්මක වෙනවා. අරගල ජය ගන්න නම් මේ මර්දනය කියන පවුර බිඳ දාන්න ඕන. ඒ වෙනුවෙන් ගොවියෝ ධීවරයෝ මේ සියලූ දෙනා එකතු වෙන්න ඕන. අපි පාලකයන්ට මතක් කරනවා මේ වෙලාවේ ශිෂ්‍ය නායකයෝ සිර ගත කරලා මේ අරගල නවත්තන්න හිතනවා නම් ඒක විහිලූවක්. අපි බල කරනවා සියලූ සිසු ක්‍රියාකාරීන් වහාම නිදහස් කරන්න. ඒ වෙනුවෙන් සියලූ බලවේග සමග එක්ව අපි බලපෑම් කරනවා. යනුවෙනි.
ආණ්ඩුව ප්රජාතන්ත්රවාදී වටපිටාවක් ඇති කරන බව කියමින් ඊට සීමා පනවන බව ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝපස් ස්ටාලින් මහතා පැවසීය.
විශ්ව විද්‍යාල ශිෂ්‍යයන් නිදහස් අධ්‍යාපනය රැක ගැනීමට කලක පටන් අරගලයක් කරන බවත්, ප්රජාතන්ත්රවාදී වටපිටාවක නිදහසේ අදහස් ප්‍රකාශ කිරීමට හා විරෝධතා පැවැත්වීමට ද අයිතිය තිබිය යුතු බවත්, ආණ්ඩුව පොලිසිය හරහා අධිකරණ නියෝග ගනිමින් උද්ඝෝෂණ නැවැත්වීමට නීතිමය රාමුවක් හදාගෙන ඇති බවත් ස්ටාලින් මහතා සඳහන් කළේය.