මෙරට අධ්‍යාපනය තුළ දෙවැනි කන්නන්ගර විප්ලවයක් ඇති කළ යුතු බව පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන මහතා පැවසීය. අද (05) පාර්ලිමේන්තුවේ දී අයවැය 2016 කාරක සභා අවස්ථවේ විවාදයේ අඳහස් පළ කරමින් හෙතෙම මේබව පැවසීය.නිදහස් අධ්‍යපනය වෙනුවෙන් මැදිහත් වූ අයට ගෞරවය ලබදෙන්නට අවශ්‍යයි. කන්නන්ගර විප්ලවයේ අලුත් වැඩපිළිවෙලක් අදවනවිට අධ්‍යාපනයට අවශ්‍යයයි.අපගේ ඒ ප්‍රාර්ථනය අද ඉටු වෙලා නෑ.අපගේ අධ්‍යාපනය ඇතුළේ දෙවැනි කන්නන්ගර විප්ලවයක් ඇතිකරගත යුතුයි.
අධ්‍යාපන දර්ශනය ඇතුළේ පාසල සිට විශ්වවිද්‍යාලය දක්වා මෙම දර්ශනය ඇතුළත් විය යුතුයි. ගණිතය විෂය හෑල්ලු කරන්න එපා . දියුණු ගණිත දැනුම ඇති ශිෂ්‍යයන් නිර්මාණය කිරීම අවශ්‍යයි යැයි ද නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසී ය.