2018 - 2019 වර්ෂ තුළ රටක් වශයෙන් විශාල ණය බරක් දැරිය යුතු වුවද, එම වර්ෂ තුළදී අධ්‍යාපන හා සෞඛ්‍ය සඳහා දැරිය යුතු වියදම් ප්‍රමාණය පහළ දැමීමට රජය කිසිසේත් කටයුතු නොකරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
අග්‍රාමාත්‍ය වරයා මේ බව පවසා සිටියේ, '1990 සුවසැරිය' හදිසි ගිලන්රථ සේවා දෙවැනි අදියර සදහා වූ ගිවිසුම අත්සන් කිරීමේ අවස්ථාවට අරලියගහ මන්දිරයේදී අද (03දා) පස්වරුවේ එක්වෙමිනි.
මෙහිදී ගිලන් රථ 209ක් ලබා ගැනීම සඳහා වූ එකඟතා ගිවිසුම ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂද සිල්වා මහතා සහ ඉන්දියාව නියෝජනය කරමින් ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් තරංජිත් සිං තන්දු මහතා අත්සන් කළහ.
ඡායාරූප ඒෂාන් ප්‍රනාන්දු