අධ්‍යාපන පරිපාලන සේවා තුන්වැනි ශ්‍රේණියේ පවතින පුරප්පාඩු සම්පූර්ණ කිරීමට අයදුම්පත් කැඳවා තිබියදී දේශපාලන හිතවත්කම මත 300 දෙනෙකු බඳවා ගැනීමට සැලසුම් කර ඇතැයි වාර්තා වේ.
මෙම 300 බඳවා ගැනීමේදී එල්ලවන විරෝධතා සමනය කරගැනීම සඳහා පසුගිය ආණ්ඩුව විසින් පරිපාලන සේවයේ තුන්වැනි ශ්‍රේණියට වැඩබැලීමේ පදනමින් බඳවාගෙන සිටින 700 කට අධික පිරිසකුත් ස්ථිර සේවයට ඇතුළත් කිරීමට නියමිතය.
අධ්‍යාපන පරිපාලන සේවයේ තුන්වැනි ශ්‍රේණියේ පවතින පුරප්පාඩු සම්පූර්ණ කරගැනීමට පවතින විභාගය සඳහා මේ වනවිට අයදුම්පත් කැඳවා තිබෙන අතර, අයදුම්පත් බාරගැනීම අප්‍රේල් 11 වැනිදා තෙක් දීර්ඝ කර තිබේ.