වෙනස් වන ලෝකය සමග දැනුම යාවත්කාලීන කරමින් ඉදිරියට යාමට රට අපොහොසත් වුවහොත් නුදුරු අනාගතයේදී රටක් ලෙසත් ජාතියක් ලෙසත් හුදකලා වීමට සිදුවනු ඇති බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා අනතුරු ඇඟවූයේය. ඒ අනුව එම අභියෝගයට මුහුණදීම සඳහා රජය විශේෂ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ මාලාවක් හඳුන්වාදීමට පියවර ගන්නා බවත් අමාත්‍යවරයා සඳහන් කළා.
කොළඹ ජාතික ආරක්ෂක සේවා විද්‍යාලයට දස වසරක් සපිරීම නිමිත්තෙන් සංවිධානය කර තිබූ උත්සවයට එක්වෙමින් අමාත්‍යවරයා මෙම අදහස් දැක්වීය.
මෙහිදී තවදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා පැවැසුවේ නියමු ව්‍යාපෘතියක් ලෙස තෝරාගත් පාසල් 25 ක සුහුරු පන්ති කාමර (Smart Class Room) ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බවයි.