සාවද්‍ය නොවන රිය අනතුරකින් තලල්ලේදී පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්කිරීමේ චෝදනා ගොනු වූ අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධනගේ පුත් චතුර පහන් ගුණවර්ධනට අත්හිටුවූ සිර දඬුවම් නියම කර තිබේ.
මාතර අතිරේක මහේස්ත්‍රාත්වරයා චූදිත චතුර ගුණවර්ධනට මාස හයක බරපතළ වැඩ සහිත සිර දඬුවමක් නියම කර එය අවුරුදු පහකට අත්හිටුවීය.
එසේම මියගිය පුද්ගලයාගේ බිරියට රුපියල් ලක්ෂයක වන්දියක් ගෙවන ලෙසද ඔහුට නියෝග කෙරිණි.