මෙරට විශ්වවිද්‍යාල, වෘත්තීය පුහුණු මධ්‍යස්ථාන ඇතුළු සියලූ අධ්‍යාපන ආයතන සංහිඳියාවේ කේන්ද්‍රස්ථාන බවට පත්විය යුතු බවත් පාසල් විෂ්‍ය නිර්දේශයට සංහිඳියාවේ පාඩම ඇතුළත් විය යුතු බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කළේය.
ඉකුත් සතියේ යාපනය විශ්වවිද්‍යාලයේ ඇතිවූ ගැටුම සම්බන්ධයෙන් සිහිපත් කළ ජනාධිපතිවරයා ඒ සම්බන්ධයෙන් තමා ඉතාමත් කණගාටු වන බවත් එවැනි ගැටුම් ඇති නොවන ලෙසට අපගේ සියලූම අධ්‍යාපන මධ්‍යස්ථන නැවත සකස් වියයුතු බවත් සඳහන් කළේය.
ඇ.ඩො.මිලියන 8ක ට ආසන්න මූල්‍ය ආධාරයෙන් ජර්මානු රජයේ ආධාර යටතේ කිලිනොච්චියේ ඉදිකළ ශ්‍රී ලංකා ජර්මානු තාක්ෂණික පුහුණු ආයතනය අද (18) විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් ජනාධිපතිවරයා මේබව සඳහන් කළේය.
2015 ජනවාරි 8 වනදින මේ රටේ ජනතාව තමා ජනාධිපතිධුරය සඳහා තෝරාගනු ලැබුවේ තමා ඉදිරිපත් කළ ප්‍රතිපත්ති ප්‍රකාශය මත පදනම්ව බව සිහිපත් කළ ජනාධිපති මෛත්‍රීපාල මහතා එම ප්‍රතිපත්ති ප්‍රකාශයේ සඳහන් සියලූ කරුණු ඉටුකිරීම වෙනුවෙන් කිසිදු පැකිලීමකින් තොරව ක්‍රියාකරන බව සඳහන් කළේය.
සිංහල, බෞද්ධ ජනතාවට මේ රටේ සතුටින් ජීවත් විය හැක්කේ මේ රටේ ජීවත්වන අනෙක් ජනකොටස් වල ගැටලූ විසඳීමෙන් පමණක් බව සිහිපත් කළ ජනාධිපතිවරයා, උතුරේ ජනතාවට ප්‍රශ්නයක් ඇති බව පිළිගැනීම ඒ ගැටලූ විසදීමේ පළමු පියවර බව ද ප්‍රකාශ කළේය.
දකුණේ සිට ප්රවෘත්ති සාකච්ඡා තබමින් මාධ්‍ය වීරයන් බවට පත්ව සිටින පිරිසට පළමුව උතුරු නැගෙනහිරට පැමිණ එහි ජනතාවගේ ප්‍රශ්න වලට ඇහුම්කන් දෙන ලෙසද, ඔවුන්ගේ ගැටලූ තේරුම් ගැනීමට උත්සාහ කරන ලෙසද ඉල්ලා සිටින බව ජනාධිපතිවරයා සඳහන් කළේය.
නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් නිර්මාණය කිරීම තුළින් උත්සාහ කරනු ලබන්නේ රට කඩන්නට නොව එකම රටේ බෙදී වෙන්වී සිටින පිරිස් එක්කොට එක රටක් ගොඩනගන්නට බවද ජනාධිපති සිරිසේන මහතා පැවසීය.