දේශපාලන පළිගැනීම් හෝ වෙනයම් අසාධාරණයකදී ඇති වී තිබෙන ප්‍රශ්නයට විකල්පයක් ලෙස මූල්‍යමය සහනයක් ලබාදෙන ලෙසට අග්‍රාමාත්‍යවරයා කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර තිබියදී අධ්‍යාපන අමාත්‍යාංශය එම නීතිය උල්ලංඝනය කරමින් කටයුතු කරන බව ලංකා ගුරු සංගමය සඳහන් කරයි.
දේශපාලන අසාධාරණකම්වලට ලක්වූවන් බව පවසමින් අධ්‍යාපන පරිපාලන සේවයට ගුරු අධ්‍යාපන සේවයට හා විදුහල්පති සේවයයට සුදුසුකම් නොමැති 4600 ක පිරිසක් බඳවා ගැනීමට සැලසුම් කර තිබෙන බවද එම සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා සඳහන් කළේය.
එහෙත් ලබාදීමට යන තනතුරුවලට සේවය කිරීමට මෙම පිරිසට සුදුසුකම් නොමැති බවත්, මේනිසා මෙම කටයුත්ත වහාම නවතා දමන ලෙසට අග්‍රාමාත්‍යවරයාට ලිපියක් යවමින් ඉල්ලා සිටි බවද ඒ මහතා පවසා සිටියේය.