පුත්තලම සිට මන්නාරම සහ කන්කසන්තුරය හරහා ත්‍රිකුණාමලය දක්වාත් මඩකලපුවේ සිට පොතුවිල් හරහා හම්බන්තොට දක්වා මුහුදු ප්‍රදේශවල අද (24දා) දින සුළඟේ වේගය පැයට කිලෝමීටර් 70ත් 80ත් දක්වා ඉහළ යාහැකිබව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
සෙසු මුහුදුප්‍රදේශවල සුළඟේ වේගය පැයට කිලෝමීටර් 60 දක්වා ඉහළ යා හැකිබවත් අද දිනය තුළ දිවයිනේ බොහෝ ප්‍රදේශවල මිලිමීටර් 75ත් 100ත් අතර වැඩි ඇතිවිය හැකි බවත් වැසි සමග අකුණු ඇතිවිය හැකි බවත් එම දෙපාර්තමේන්තුව සඳහන් කළේය.