මහනුවර නගරයේ අද (09දා) පැවැත්වෙන විපක්ෂයේ පොදු අපෙක්ෂක මෛත්රීපාල සිරිසේන මහතාට සහාය දැක්වීමට පැවැත්වෙන ජන රැලියේදී ආණ්ඩු පක්ෂයේ මන්ත්රීවරු සිවුදෙනෙකු විපක්ෂයට එක්වීමට බොහෝ දුරට ඉඩ ඇති බව වාර්තා වෙයි.
මෙම රැලියේ සංවිධායකයින් විසින් අසුන් 4ක් හිස්ව තබන ලෙස දැනුම් දී ඇති අතර එය ආණ්ඩු පක්ෂයේ සිවුදෙනෙකු පැමිණෙන බවට ඉඟියක් බව බොහෝ දෙනෙකු විශ්වාස කරති.