කොළඹ ඉන්ධන පිරවුම් හල්වල ඩීසල් හා පෙට්රල් අලෙවි කරන මිලට වඩා ශත 50ක් හෝ 60ක් වැඩියෙන් පිට පළාත්වලදී ඩීසල් හා පෙට්රල් අලෙවි කිරීම මෙතෙක් සිදු වුවත්, අද (01දා) සිට එම මිල වෙනස් කිරීම නතර කරන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව කියයි.
ඒ අනුව, අද සිට පාරිභෝගිකයන්ට ශ්රී ලංකාව පුරාම ඇති ඉන්ධන පිරවුම්හල්වලදී එකම මිලක් යටතේ ඩීසල් හා පෙට්රල් ලබාගත හැකි අතර, මිල වෙනස් කිරීමකින් තොරව ඉන්ධන අලෙවි කිරීමට ඉන්ධන පිරවුම්හල් කටයුතු කරනු ඇති බවද කියැවෙයි.