අද ලෝක ක්ෂය රෝග දිනයයි
ලෝක ජනගහනයෙන් තුනෙන් එකක් පමණ ආසාදනයට ලක්කරන ක්ෂය රෝගය සම්බන්ධයෙන් මුළු ලොවපුරා කතාබහට ලක්වන ලෝක ක්ෂය රෝග දිනය අදට යෙදී තිබේ.
පසුගිය වසරේ දෙසැම්බර් 31 වැනිදා වනවිට අප රටින් වාර්තා වූ රෝගීන් සංඛ්‍යාව 9473 ක් බව ක්ෂය රෝග මර්දන හා ළය රෝග පිළිබඳ ජාතික වැඩසටහනේ නියෝජ්‍ය අධ්යක්ෂ ප්‍රජා වෛද්‍ය විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පවසයි.
ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව වසරකට ජනගහනයෙන් ලක්ෂයකට ක්ෂය රෝගීන් 60 ක් හඳුනාගත යුතුව ඇතැයි පැවසෙන නමුත්, පසුගිය වසර වනවිටත් රෝගීන් හමු වී ඇත්තේ ලක්ෂයකට 43.6 ක් පමණි. මේ වනවිට ලංකාවේ ක්ෂය රෝගීන්ට වඩා හාරදහසක් පමණ අඩුවෙන් වාර්තා වීම පිළිබඳ ගැටලුවක් මතුව තිබෙන බව වෛද්‍ය සුදත් සමරවීර මහතා පවසයි.
අප රටේ වසරකට හඳුනාගත යුතුව තිබෙන රෝගීන් ගණන 14,000 ක් යැයි සැලකෙයි. හඳුනානොගත් එක් රෝගියෙකුගෙන් තවත් නිරෝගී පුද්ගලයන් 10-15 අතර ප්‍රමාණයක් ආසාදනයට ලක්වන අතර, මේ නිසා රෝගීන් අඛණ්ඩ ලෙස වාර්තා වීම සිදුවීමට හැකි බවද ඒ මහතා අවධාරණය කළේය. පසුගිය වසරේ අවසාන කාර්තුව අනුව 24.7% ක් කොළඹ දිස්ත්‍රික්කයෙන්ද, 11.3% ක් ගම්පහ දිස්ත්‍රික්කයෙන්ද, 7.1% ක් මහනුවර දිස්ත්‍රික්කයෙන්ද රෝගීන් වාර්තා වී ඇති අතර, මුළු බස්නාහිර පළාතෙන් වාර්තා වන රෝගීන් ප්‍රමාණය 42.7% කි. එමෙන්ම හඳුනාගන්නා සෑම ක්ෂය රෝගීන් දසදෙනෙකුගෙන් එක් අයෙකු කොළඹ නගර සභා බල ‘ප්‍ර‘දේශයට අයත්වීම විශේෂයකැයි පැවසෙයි.
මාස 06 ක ප්‍රතිකාර තුළින් මුළුමනින්ම සුවය ලබාගත හැකි ක්ෂය රෝගය සම්බන්ධයෙන් මෙවර සමරනු ලබන දිනයේ තේමාව 'හඳුනානොගත් ක්ෂය රෝගීන් 4000 ක් අප අතර - හඳුනාගනිමු. ප්‍රතිකාර ගනිමු, සැමට සුවය සාදමු' යන්නයි.
මේ සම්බන්ධ ප්‍රතිකාර සියල්ල රජයේ සෞඛ්‍ය සේවාවන් තුළ නොමිලයේම සැපයෙයි.
ලෝක ක්ෂය රෝග දින සැමරුම් උත්සවයේ ජාතික වැඩසටහන අද උදෑසන 8.00 ට මහනුවර බෝගම්බර ක්‍රීඩාංගණය අසල පිහිටි ළය චිකිත්සාගාර මධ්‍යස්ථානය අසලින් ආරම්භ වේ. මෙම පා ගමන සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

