දිවයිනේ බෝහෝ ප්‍රදේශවලට අද (05දා) රාත්රියේදී ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
ඒ අනුව සබරගමුව, නැගෙනහිර, ඌව පළාත්වලත්, මුලතිව්, කළුතර, ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවලටත් මෙසේ වැසි ඇතිවිය හැකි බව ඔවුන් පසවයි.
අද පසවරුවේ නිකුත් කළ එම නිවේදනයේ දැක්වෙන්නේ ඇතැම් ස්ථානවලට මිලි මීටර් 75ක පමණ තද වැසි බලාපොරොත්තුවිය හැකි බවයි.
මේ අතර ඉදිරි දින කිහිපයේදී දිවයිනේ නිරත දිග කොටසට වර්ෂාපතනයේ වැඩි වීමක් අපේක්ෂා කරන බවත් එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙයි.