අද බස් රථ 10,900ක් පොදු මගීන්ට නෑ
අද (01දා) දින පැවැත්වෙන මැයි දින රැලිය සඳහා දේශපාලන පක්ෂ සහ වෙනත් කණ්ඩායම් විසින් ලංගම හා පෞද්ගලික බස් රථ 10,900කට ආසන්න ප්රමාණයක් වෙන් කරගෙන ඇතැයි වාර්තා වේ.
ලංගම සතුව තිබෙන බස් රථවලින් අද (01දා) පැවැත්වෙන මැයි දින රැලි සඳහා බස් රථ 3900ක් දේශපාලන පක්ෂ විසින් වෙන් කරගෙන තිබේ.මේ අනුව ශ්රී ලංකා නිදහස් පක්ෂයේ මැයි දින රැලිය සඳහා බස් රථ 1800කට ආසන්න ප්රමාණයක් හා එක්සත් ජාතික පක්ෂ මැයි දින රැලිය සඳහා බස්රථ 1400කට ආසන්න ප්රමාණයක් වෙන් කරගෙන ඇතැයි ලංගමයේ සභාපති රමාල් සිරිවර්ධන මහතා සඳහන් කළේය.
මීට අමතරව දමිළ ප්රගතිශීලී සන්ධානය බස් රථ 400කට ආසන්න ප්රමාණයක් සහ ජනතා විමුක්ති පෙරමුණ 200කට අධික බස් රථ ප්රමාණයකුත්, ශ්රී ලංකා පොදුජන පෙරමුණේ රැලිය සඳහා බස්රථ 20කට ආසන්න ප්රමාණයකුත් ඉල්ලුම් කර තිබෙන බවද ඔහු පවසා සිටියේය.
තවත් දමිළ පක්ෂ කිහිපයකට බස් රථ ලබාගෙන තිබෙන බවත්, මේ සියලුම බස් රථ වෙන්කර තිබෙන්නේ මුදල් ගෙවීමෙන් පසු බවත් ඒ මහතා සඳහන් කළේය. මීට අමතරව පෞද්ගලික අංශයේ බස් රථවලින් ආසන්න වශයෙන් බස්රථ 1500කට ආසන්න ප්රමාණයක්ද මැයි දින රැලි සඳහා වෙන් කර තිබෙන බවද වාර්තා වේ.
මැයි දින රැලි සඳහා අධිවේගී මාර්ගයේ ගමන්ගන්නා සියලුම වාහනවලට නොමිලේ ගමන් කිරීමට අද (01දා) අවස්ථාව ලබා දී තිබේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

