කිසිදු පෙළපාළියක් අද (11දා) දිනය තුළ පැවැත්විය නොහැකි බව පොලිස් මූලස්ථානය සඳහන් කරයි.
මෙම නීතිය උල්ලංඝනය කරන පිරිස්වලට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කරන ලෙස සියලුම පොලිස් ස්ථාන වෙත දැනුම් දී තිබෙන බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කළේය.
සමස්තයක් ලෙස ඊයේ (10දා) දිනයේදී සාමකාමී ලෙස ඡන්දය ලබාදීම සිදු වූ බවත්, අද (11දා) දිනයේදීද එම සාමකාමී තත්ත්වය රැකගත යුතු බවත් ඔහු පවසා සිටියේය.