දිවයිනේ බොහෝ පළාත්වල තැනින් තැන අද (10දා) සවස් කාලයේ වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
ඒ අනුව මන්නාරම සිට පුත්තලම, කොළඹ සහ ගාල්ල හරහා හම්බන්තොට දක්වා වෙරළබඩ ප්‍රදේශවල වැසි බලාපොරොත්තු විය හැකි බවද එම දෙපාර්තමේන්තුව පවසයි.
වර්ෂාව ඇති වන ප්‍රදේශවල තද සුළං සමග අකුණු ඇති විය හැකි හෙයින් ඒ පිළිබඳව අවධානයෙන් සිටින ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටියි.