බන්ධනාගාර ගතව සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා අද (28දා) වනවිට 07 වැනි දිනටත් උපවාසයේ නිරත වන බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
තමන්ට ඇප ලබාදෙන ලෙස රජයට බලකරමින් ඒ මහතා අහාර වර්ජනය කරමින් උපවාසය ආරම්භ කර ඇති අතර, මේ හේතුවෙන් රෝගාතුරවූ ඒ මහතා බන්ධනාගාර රෝහලට ඇතුළත් කිරීමට බන්ධනාගාර නිලධාරීන් පසුගියදා කටයුතු කරන ලදී.
ඒ අනුව රොහල් ගතව සිටින වීරවංශ මහතාගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව අවධානයෙන් පසුවන බවත්, බන්ධනාගාර රෝහලේ වෛද්‍යවරුන්ගේ නිර්දේශ මත ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බවත් බන්ධනාගාර දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.