අප මහා බෝසතාණන් වහන්සේ මහාමායා බිසවුන් කුස පිළිසිඳ ගත්තේ ඇසළ පුන් පොහෝ දිනක ය.
සම්මා සම්බුද්ධත්වයට පත් වී වදාළ බුදුරජාණන් වහන්සේ බරණැස ඉසිපතන මිගදායේ දී දස දහසක් ලෝකධාතූන් කම්පා කරවමින් ප්රථම දම් දෙසුම පවත්වා වදාළේ ඇසළ පුන් පොහෝ දිනකය.
ගිහිගෙය පිළිබඳව කළකිරුන සිද්ධාර්ථ කුමරුන් විමුක්තිය පතා මහභිනික්මන් කළේ ඇසළ පුන් පොහෝ දිනකය.
රාහුල කුමරුන්ගේ උපත ද ඇසළ පුන් පොහෝ දිනක සිදුවිය.
බුදුරජුන් ඇතුළු පස්වග මහණුන්ගේ ප්රථම වස් සමාදානය සිදු වූයේ ඇසළ පුන් පොහෝ දිනක වන අතර භික්ෂූන් වහන්සේලාගේ පෙරවස් සමාදන් වීම යෙදී ඇත්තේද පින්බර ඇසළ පුන් පොහෝ දිනටය.