උතුරු හා නැගෙනහිර පළාත් වලින් අතුරුදන්වූවා යැයි පැවසෙන පුද්ගලයන් සම්බන්ධ පැමිණිලි විමර්ශනය කිරීම සඳහා පත් කළ ජනාධිපති කොමිසමේ විමර්ශන කාල රාමුව 1983 සිට 2009 දක්වා කාල පරිච්ඡේදය ආවරණය වනසේ සංශෝධනය කිරීමට රජය තීරණය කර ඇත.
මින් පෙර මෙහි කාල පරිච්ඡේදය වූයේ 1990 සිට 2009 දක්වාය.ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ නියමයෙන් පරීක්ෂණ කොමිෂන් සභා පනතේ විධිවිධානයන්ට අනුකූලව මීට අදාල ගැසට් නිවේදනය ඊයේ (25 දා) නිකුත් කරනු ලැබීය.