අතුරුදන්වූවන් පිළිබඳව සෙවීමට පත් කළ ජනාධිපති කොමිසම සිය වාර්තාව එළඹෙන අගෝස්තු 15 වැනිදා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන වෙත භාර දීමට නියමිතය.
යුද්ධය අවසානයේ ජාත්‍යන්තර මානුෂික නීති හා මානව හිමිකම් කඩකිරීම් සම්බන්ධයෙන් සහ මේ වනතුරු අතුරුදන්වූවන් පිළිබඳ ජනාධිපති කොමිසම කළ විමර්ශන ඇසුරින් මෙම වාර්තාව සකස් කෙරෙන බවත්, ඒ අනුව අගෝස්තු 15 වැනිදා එය ජනාධිපතිවරයා වෙත භාරදීමට නියමිත බවත් අතුරුදන්වූවන් පිළිබඳ පත් කළ ජනාධිපති කොමිසමේ සභාපති මැක්ස්වෙල් පරණගම මහතා ‘අද’ ට පැවසීය.