www.ada.lk
2026 සැප්තැම්බර් මස 06 වන ඉරිදා
යුද්ධයෙන් අතුරුදන්වූවන්ගේ ඥාතීන් විසින් කිළිනොච්චියේ ආරම්භ කරන ලද සත්‍යග්‍රහයට දින 100ක් ගතවීම හා රජයෙන් ඒ සඳහා විසඳුමක් නොලැබී හේතුවෙන් එම ඥාතීහු දහසක් පමණ අද (30දා) දහවල් ඒ-09 මාර්ගය අවහිර කරමින් විරෝධතාවක නිරත වූහ.
උතුරු පළාතේ අතුරුදන්වූවන්ගේ ඥාතීහු විශාල පිරිසක් කිළිනොච්චිය කන්දසාමි කෝවිල ඉදිරිපිට රැස්වී පළමුව රැස්වීමක් පවත්වා ඉන් අනතුරුව ඒ-09 මාර්ගය අවහිර කිරීමට තීරණය කළහ.
මෙම විරෝධතාව හේතුවෙන් එම මාර්ගයේ ඇතිවන මාර්ග තදබදය පාලනය සඳහා කිළිනොච්චිය පොලීසිය විසින් අදාළ විරෝධතාවට එරෙහිව කිළිනොච්චිය මහේස්ත්‍රාත් අධිකරණ නියෝගයක් ගෙන තිබුණද, එම නියෝගය නොසලකා පිරිස විරෝධතාව පැවැත්වූහ.
මෙම අවස්ථාවට දෙමළ දේශපාලන පක්ෂවල නියෝජිතයන් වන එස්. ශ්‍රීධරන්, සෙල්වම් අඩෙයික්කලනාදන්, ආනන්ද සංගරි ඇතුළු පළාත් සභා නියෝජිතයෝ පිරිසක්ද එක්ව සිටියහ.
popular news
ලෙඩේ හොඳ කර ගෙන ආයෙත් ගමට ඇවිත් පොල් පැළයක් දෙකක් කෑවට කමක් නෑ
නාමල් රාජපක්ෂ රිමාන්ඩ්
උතුරු ඇමෙරිකාවේ තිබූ රත්තරන් ටොන් 86ක් නෙදර්ලන්තය ඉවත් කර ගනියි
මේවා බෙල්ල ගහලා යන වැඩ
දික්කසාද බිරිඳගේ නිරුවත් ඡායාරූප සමාජ මාධ්‍යයට මුදාහළ සැමියා අත්අඩංගුවට
හම්බන්තොට හිටපු නගරාධිපති සියදිවි හානි කර ගනියි
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd