අතුරුදන්වූවන් පිළිබඳ පැමිණිලි විමර්ශනය කරන ජනපති කොමිසමට සහාය දැක්වීම සඳහා ඉන්දීය ජාතික ක්‍රියාකාරිකයෙකු වන අව්ධාශ් කෞෂාල් තෝරාගෙන තිබෙන බව හින්දු පුවත් සේවය පවසයි. මේ පිළිබඳව ඔවුන් කෞෂාල් මහතාගෙන් විමසා තිබෙන අතර, ඔහු පවසා ඇත්තේ ජනපති මහින්ද රාජපක්ෂ මහතා තමන්ට පෞද්ගලිකවම කතාකළ බවත්, තමන්ට කොමිසමට එක්වන ලෙස ආරාධනා කළ බවත්ය.
තවදුරටත් අදහස් දක්වමින් ඔහු පවසන්නේ තමන් ඒ සඳහා පාර්ශ්වකරුවෙකු වීමට කැමැත්තෙන් සිටින බවයි. කෙසේ වෙතත් ජනපති මාධ්‍ය ප්‍රකාශක මොහාන් සමරනායක මහතා හින්දු පුවත් සේවයට පවසා ඇත්තේ නම් කිහිපයක් පිළිබඳව සලකා බලමින් සිටින බවත්, ඒ පිළිබඳව අවසන් තීරණයක් ගෙන නොමැති බවත්ය.