අතුරුදන්වූවන්ගේ පවුල් එකමුතුවෙන් ජනපතිට ලිපියක්
අතුරුදන්වූවන් පිළිබඳ කාර්යාලය වහා ක්‍රියාත්මක කරන්නැයි ඉල්ලා අතුරුදන්වූවන්ගේ පවුල් එකමුතුව අද (17දා) ජනාධිපති කාර්යාලයට ලිපියක් බාර දුන්නේය.
කොළඹ කොටුවේ පිහිටි ජනාධිපති සම්බන්ධීකරණ කාර්යාලයට පැමිණි එම සංවිධානයේ සභාපති බ්‍රිටෝ ප්‍රනාන්දු ඇතුළු පිරිසක් ජනාධිපති සම්බන්ධීකරණ ලේකම් සුනන්ද මාන්නප්පෙරුම මහතා වෙත මෙම ලිපිය බාරදුන් අතර, එම අවස්ථාව ආවරණය කිරීමට මාධ්‍යයට ඉඩ ලබාදිය නොහැකි බව ජනාධිපති සම්බන්ධීකරණ ලේකම් කාර්යාලයේ නිලධාරීහු පැවසූහ.
පසුව අදහස් දැක්වූ බ්‍රිටෝ ප්‍රනාන්දු මහතා සඳහන් කළේ, අතුරුදන්වූවන් පිළිබඳ කාර්යාලය පාර්ලිමේන්තුවේ සම්මත වී මාස 07ක් ගතවුවද එය පිහිටුවීමට ජනාධිපතිවරයා කටයුතු කර නොමැති බවයි.
එම කාර්යාලයේ බලතල අමාත්‍යවරයෙකුට පැවරීම පමණක් සිදුකිරීමට තිබෙන බවත්, ජනාධිපතිවරයා එය ප්‍රමාද කරමින් සිටින බවත් ඔහු ප්‍රකාශ කළේය.
ඡායාරූප - ඉසුරු පෙරේරා
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

