අතුරුදන්වූවන් පිළිබඳ පිළිබඳ ජනාධිපති විමර්ශන කොමිසමේ කාලය දීර්ඝ කරන ලෙස එම කොමිසම විසින් ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කර ඇති පව වාර්තාවේ.
කොමිසමේ කාලය පෙබරවාරි මස 15 වන දිනෙන් අවසන්විමට නියමිතව තිබේ. ඒ අනුව කොමිසම විසින් පසුගිය වසර කිහිපය තුළ උතුරු නැගෙනහිර ප්‍රදේශවල සාක්ෂි සටහන් කර ගැනිම් සිදු කළ අතර මේ වන විට අතුරුදන්වූවන් පිළිබද සාක්ෂි 20,000ට අධික ප්‍රමාණයක් කොමිසම විසින් සටහන් කරගෙන තිබේ.
අදාළ සාක්ෂි පිළිබඳ විමර්ශන කටයුතු මේ වන විට සිදු කෙරෙන අතර ඉදිරි විමර්ශන සිදු කිරිම සඳහා කොමිසමේ කාලය දිර්ඝ කිරිම අත්‍යවශ්‍ය කරුණක් වී ඇති බව එම කොමිසම පෙන්වා දෙයි.