එරාවුර් ප්රදේශයේදී මුහුදු ගිය ගොස් අතුරුදන්වූ බවට වාර්තා වූ ධිවර යාත්රාවන් නැවතත් ගොඩබිමට පැමිණ තිබේ. ඔවුන් අතුරුදන් වූ බව පැවැසීමත් සමග නාවික හමුදාවද මෙහෙයුමක් ආරම්භ කළේය. මුහුදේ රළු ස්වාභාවය හේතුවෙන් ඔවුන් නැවතත් ගොඩබිමට පැමිණීම ප්රමාද වී තිබේ. සිදුවීමෙන් කිසිවෙකුටත් හානි සිදුව නොමැත.