පුද්ගලයන් 239 දෙනෙකු සමග අතුරුදන්ව ඇති මැලේසියානු ගුවන් සමාගමට අයත් යානාව සෙවීම සඳහා ඇමෙරිකා එක්සත් ජනපදයේ FBI බුද්ධි අංශයත් මැලේසියානු රජයට සහාය වන බව ධවල මන්දිරය අද උදෑසන සනාථ කළේය.
අතුරුදන් වූ MH370 යානය පැදවූ ගුවන් නියමුවන් දෙදෙනාගෙන් එක් අයෙකුගේ නිවසේ තිබූ ගුවන්යානා සිමියුලේටරයක් ආධාරයෙන් යම් හෝඩුවාවක් ලබාගැනීම සඳහා මෙසේ FBI ආයතනය මැලේසියානු බලධාරීන්ට සහාය වන බව ධවල මන්දිරය පවසා ඇත.
මෙම, යානයේ නියමුවා තම පරිගණක සිමියුලේටරයේ ඇතැම් දත්ත මකාදමා ඇති බව මීට පෙර කියවුණු අතර, එම තොරතුරු සොයා දැඩි විමර්ශණයකට ලක්කිරීමට මේ වනවිට බලධාරීන් කටයුතු කරමින් සිටින බව පැවසෙයි.
කෙසේ වෙතත්, පුද්ගලයන් 239 දෙනෙකු සමග පසුගිය මාර්තු 08 වැනිදා අතුරුදන් වූ MH370 දරණ බෝයිං 777 යානය සෙවීම සඳහා මේ වනවිට රටවල් 26ක් විසින් කණ්ඩායම් යොදවා තිබේ.
ක්වාලලාම්පූර් සිට බෙයිජිං බලාගමන් කරමින් සිටියදී මැලේසියානු ගුවන් සමාගමේ MH370 යානය අතුරුදන් විය.