අතුරුගිරිය,හෝකන්දර ප්රදේශයට ගුවන්යානයක් කඩා වැටී තිබේ.
ගුවන් හමුදාවට අයත් යානයක් අනතුරට ලක්ව තිබෙන අතර එහි පුද්ලගයින් පස් දෙනෙකු ගමන්ගත් බවත් ඉන් සිව් දෙනකුගේ සිරුරු හමුවී ඇති බවටත් වාර්තා වේ.
ඇන්ටනොව් වර්ගයට අයත් මෙම යානය කටුනායක සිට රත්මාලාන දක්වා පියාසර කර තිබේ.
ගුවන්යානය ගමන් ගන්නා මොහොතවන විට ප්ර දේශයේ දැඩි මීදුම් සහිත තත්ත්වයක් පැවැති බවට වාර්තාවේ.
එසේම තමන්ට ගුවන් පථය පැහැදිලිව නෙපෙනන බව ගුවන් නියමුවා විසින් රත්මලාන ගුවන් පාලක මැදිරියට පවසා තිබේ.
ඡායාරූප- දයාරත්න පතිරණ