පරිපූරක වෛද්‍ය නිලධාරීන්ගේ වෘත්තීය අරගලය නැවැත්වීමට අධිකරණ නියෝගයක් ලබාදුන්නේදැයි තමන් තවමත් නොදන්නා බවත්, යම් හෙයකින් එලෙස අධිකරණ නියෝගයක් ලබාදී තිබුණේ නම් නීතියට ගරු කරමින් කටයුතු කරන බවත් රජයේ ඖෂධවේදීන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් අජිත් තිලකරත්න මහතා ‘අද’ ට පැවසීය.