අතුරු කමිටු වාර්තාවෙන් ෆෙඩර් ක්‍රමය ඉක්ම වූ ක්‍රමයක්
යෝජිත නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අතුරු කමිටු වාර්ථාව තුළින් ෆෙඩරල් ක්‍රමය ඉක්මවූ පාලන ක්‍රමයක් යෝජනා වී ඇති බව දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් මහතා කියා සිටියේය.
මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ ඊයේ (30දා) සවස යාපනය නල්ලූර් ප්‍රදේශයේදී මෙවර පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් පාක්ෂිකයින් දැනුවත් කිරීමේ අවස්ථාවකට සහභාගී වෙමිනි.
“නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබඳව අතුරු කමිටු වාර්තාවේ පිටු 4 ක් ගැන හරියට කියවලා බැලුවොත් පළවෙනි හා දෙවැනි පිටුවල කියවිලා තියනවා ලංකාවට ඒකීය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගැලපෙන්නෙ නැහැ කියලා.
නමුත් දැන් තියන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ලංකාව ඒකීයයි කියල තියනවා. මධ්‍යම ආණ්ඩු හා පළාත් ආණ්ඩුවලට බලය ක්‍රියාත්මක කරන්න පුලුවන් කියලා එකේ තියෙනවා. ලංකාවට ෆෙඩරල් සැකිල්ලක් ගේනවා කියලා අපි පොරොන්දු වුණා. අතුරු කමිටු වාර්තාවේ කියවිලා තියෙන්නේ ඒ සැකිල්ල තමයි. පළාත් රජයට ලැබිල තියන බලය ආපසු ගන්න බැහැ. ඒ දීපු බලය අඩුකරන්න බැහැ. වගේම ඒ දීපු බලයට මධ්‍යම රජයට මැදිහත් වෙන්නත් බැහැ.
මේවා අතුරු කමිටු වාර්තාවේ කියවිලා තියනවා. ඒ විතරක් නෙමෙයි අනාගතයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හදනවනම් කිසිම දෙයක් වෙනස් කරන්න බැහැ කියලත් අතුරු කමිටු වාර්තාවේ කියවිල තියෙනවා.
වෙනස් කරනවානම් ඒකට පළාත් සභාවල අනුමැතිය ඕන එක් පළාත් සභාවක් හරි ඒකට අකමැති වුණොත් මේ බලතල වෙනස් කරන්න මධ්‍යම රජයට හැකියාවක් නැහැ. ඉතිං මේක ෆෙඩරල් ක්රමයටත් එහා ගිය දෙයක්.”
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

