අයවැය දෙපාර්තමේන්තුවේ වාර්තාව පදනම් කරගෙන පවතින මූල්‍ය තත්ත්වය හමුවේ අතුරු අයවැයක් අවශ්‍යද? නැද්ද? යන්න තීරණය කිරීමට පාර්ලිමේන්තුවේ රාජ්‍ය මූල්‍ය කාරක සභාව තීරණය කර ඇත.
මෙම වසර සඳහා ඉදිරිපත් කරන අයවැය යෝජනා පසුව සිදුකරන ලද තීන්දු නිසා අවලංගු වී ගිය තත්ත්වය හමුවේ නව අතුරු අයවැයක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලෙස ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම් නායක දිනේෂ් ගුණවර්ධන මහතා විසින් ඉල්ලීමක් කරන ලදී. පසුගිය සතියේ රැස් වූ අදාළ කමිටුව ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කළේය.
ඒ සඳහා අයවැය අධ්යක්ෂ ජෙනරාල්වරයාද සහභාගි වූ අතර, අදාළ වාර්තාව ලබාදීම සඳහා සති 2 ක කාලයක් අවශ්‍ය බවද ඔහු පවසා ඇත. ඒ අනුව ලබන මස 07 වැනිදා ඔහු සිය වාර්තාව ලබාදීමට කටයුතු කරනු ඇත.
එය පදනම්ව අතුරු අයවැයක් අවශ්‍යද නැද්ද යන්න රජයට නිර්දේශ කරන බව කමිටුවේ සභාපති දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී එච්.ඒ.සුමන්තිරන් මහතා 'අද' පුවත්පතට පැවසීය. වාර්තාව අනුව පසුව සිදු කරනු ලැබූ සංශෝධන නිසා මූලික අයවැය යෝජනා කොතරම් වෙනස් වූයේද යන්න සොයා බලන බවත් ඔහු පැවසීය.
මීට අමතරව පාර්ලිමේන්තු අයවැය කාර්යාලයක් ස්ථාපිත කිරීමටද අදාළ කමිටුව තීරණය කරන ලදී. එමගින් අයවැයට අදාළ තොරතුරු මන්ත්‍රීවරුන් වෙත ලබාදීමට අවශ්‍ය කටයුතු කෙරෙනු ඇති බවද ඔහු පැවසීය. එවිට මන්ත්‍රීවරුන්ට විවිධ ආයතන පසු පස ගොස් කරුණු ලබා ගැනීමේ අපහසුතාව මගහැරී යනු ඇත.