ADA
www.ada.lk
2025 දෙසැම්බර් මස 11 වන බ්‍රහස්පතින්දා
පසුගිය ආණ්ඩු සමයේදී හොරකම, වංචා දූෂණ කළ දේශපාලඥයන්ට, නිලධාරීන්ට ආරක්ෂාව ලබාදී අතීතය අමතක කර වැඩ කරමු යැයි වර්තමාන ආණ්ඩුව පවසන බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා සඳහන් කළේය.
එහෙත් අතීතය අමතක කර ගමනක් නොමැති බවත්, අතීතය අමතක කළා නම් ජනවාරි 08 වැනි දින රාජපක්ෂ ආණ්ඩුව ගෙදර යැවීමට හැකියාවක් නොලැබෙන බවත් ඔහු සඳහන් කළේය.
දූෂණ විරෝධී හඬ සංවිධානය අද (23දා) සවස වංචාකරුවන්ට, දූෂිතයන්ට දඬුවම් ලබාදෙන ලෙස ඉල්ලා පැවැත්වූ විරෝධතා ව්‍යාපාරයට සහභාගී වෙමින් පක්ෂ නායකවරයා මේ බව සඳහන් කළේය.
අතීතය අමතක කර ජනතා විමුක්ති පෙරමුණට ගමනක් නොමැති බවත්, මේ නිසා අතීතයේත් වර්තමානයේත් වැරදි කළ සියලුම දෙනාට දඬුවම් ලබාදිය යුතු බවත්, එය ඉටුකරන තෙක් අරගල කරන බවද හෙතෙම වැඩිදුරටත් පවසා සිටියේය.
popular news
තායිලන්තයෙන් ඇවිත් ලංකාවේ කරපු වැඩේ
අපි නින්දේ සිටින විට මහා ගිඟුරුම් හඬක් සමඟ පස් කන්දකට අපි යටවුණා
ග්ලේන්ෆෝල් දිය ඇල්ල දිත්වාට පෙර දිත්වාට පසු
හිටපු මහබැංකු අධිපති කබ්රාල් ශ්රීක බැඳුම්කර නඩුවෙන් නිදහස්
ජීවිත එකොළහක් බිලි ගත් අංකුඹුර ගල්කොටුව නායයෑමේ ශෝකාන්තය
කටුනායකට එන ලොකු කුරුල්ලෝ
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd