අත්‍යාවශ්‍ය භාණ්ඩ 15කට පාලන මිලක්
අත්‍යාවශ්‍ය භාණ්ඩ 15ක් සඳහා පාලන මිලක් ඉදිරි දින කිහිපය තුළ ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කර තිබේ. අද (12දා) කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී අමාත්‍යවරුන් වන රවි කරුණානයක, රිෂාඩ් බද්යුදීන් හා පී.හැරිසන් යන අමාත්‍යවරු මේ බව දැනුම් දුන්හ.
මේ පිළිබඳ නිල ගැසට් නිවේදනය හෙට හෝ අනිද්දා නිකුත් කෙරෙනු ඇති බවද එහිදී සඳහන් කෙරිණි. පහතින් දැක්වෙන්නේ තොග වෙළෙඳ පොළේ අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ හා වෙළෙඳුන්ගේ සංගමය විසින් නිකුත් කළ දැනට වෙළෙද පොළේ එකී භාණ්ඩ සඳහා වන මිල ගණන්ය.
| ද්‍රව්‍යය | ආනයන පිරිවැය (RS) | තොග මිල (1 KG) | සිල්ලර මිල (1 KG) |
| සීනි | 115-116 | 121 | 136 |
|
මයිසූර් පරිප්පු මයිසූර් පරිප්පු (ජම්බෝ) |
160-165 220 |
170 230 |
195 260 |
| අර්තාපල් (ආනයනික) | 85 | 90 | 110 |
| බී ළුණු | 65 | 70 | 85 |
| වියළි මිරිස් | 295-300 | 310 | 350 |
| ටින් මාළු (425g) | 118 | 123 | 140 |
| මුං ඇට | 175 | 184 | 210 |
| සුදු ළුණු | 285 | 300 | 340 |
| කඩල | 260 | 270 | 295 |
| සාලයා කරවල | 250-350 | 262-368 | 480 |
| කට්ට කරවල | 680-750 | 715-790 | 950 |
|
හාල් මැස්සා (Thailand) හාල් මැස්සා (Indian/Dubai) |
440-550 300-350 |
462-578 315-370 |
680 445 |
|
පාන් පිටි (ඉදි ආප්ප) පාන් පිටි (රොටී) පාන් පිටි (බේකරි) |
76 82 84 |
85 92 95 |
|
| කිරි පිටි (400 g) | 275 | 295-325 | |
| වට්ටානා පරිප්පු | 125 | 145 |
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

