අග්‍රාමාත්‍යවරයාට එරෙහිව ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනාවට තම අත්සන ව්‍යාජ ලෙස යොදා ඇති බවට කිසියම් මන්ත්‍රීවරයෙකු චෝදනා කරනවා නම් විශ්වාසභංග යෝජනා න්‍යාය පුස්තකයට ඇතුළත් කළ පසු කථානායකවරයාට ඒ පිළිබඳ පැමිණිලි කළ යුතු බව පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසානායක මහතා 'අද' ට පැවසීය. එමෙන්ම පාර්ලිමේන්තු න්‍යාය පුස්තකයට ඇතුළත් වූ පමණින් යෝජනාවක් විවාදයට ගැනීමට නොහැකි බවත්, ඒ පිළිබඳව පක්ෂ නායක හමුවේදී තීරණය කළ යුතු බවත් හෙතෙම වැඩිදුරටත් පැවසීය.