ගන්දර පොලිස් වසමේ පාතොගම බෝනික්කු පාසල අසලදී ත්රීරෝද රථයක් පරීක්ෂා කිරීමේදී විදේශ රටක නිෂ්පාදිත ජීව අත්බෝම්බයක් සමඟ පුද්ගලයන් දෙදෙනෙකු අද (10දා) අළුයම අත්අඩංගුවට ගැනීමට හැකිවූ බව ගන්දර පොලීසිය සඳහන් කරයි.
අත්අඩංගුවට පත් සැකකරුවන් 24 සහ 27 වියේ පසුවන දික්වැල්ල ප්රදේශයේ බව පොලීසය පවසයි.
ඒ අනුව අත්අඩංගුවට පත් සැකකරුවන් අද මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත ව ඇත.
සිදුවීම සම්බන්ධයෙන් ගන්දර පොලීසිය වැඩිදුර විමර්ශන කටයුතු සිදුකරනු ලබයි.