අද 11.45ට පමණ අත්තිඩිය පිහිටි පෞද්ගලික බැංකුවකට (Commercial) ඇතුළු වූ මංකොල්ලකරුවන් දෙදෙනෙකු ආරක්ෂක නිලධාරීන්ට වෙඩිතබා තැම්පත්කරුවෙකු තැම්පත්කිරීමට රැගෙන ආ ලක්ෂ 18ක මුදල් සමග බැංකුව සතු මුදල් ප්‍රමාණයක්ද කොල්ල කා බෙල්ලන්තොට දෙසට යතුරුපැදියෙන් පලාගොස් තිබේ.
ආරක්ෂක නිලධාරීන් දෙදෙනා දකුණු කොළඹ ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති අතර, එක් අයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
මේ වනවිට බස්නාහිර දකුණ බාර නියෝජ්‍ය පොලිස්පති වසන්ත වික්‍රසිංහ මහතා යටතේ ගල්කිස්ස ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී චන්දන අතුකෝරළ මහතාගේ අධීක්ෂණය යටතේ මිරිහාන විශේෂ අපරාධ මෙහෙයුම් ඒකකයේ නිලධාරීන් විසින් සී.සී.ටී.වී දර්ශන හා වෙනත් සාක්ෂි ඇසුරු කරමින් පරීක්ෂණ පවත්වනු ලබයි.
දෙහිවල - එච්.එම්. ධර්මපාල