කටුනායක ගුවන් තොටුපලේදී හෙරොයින් සමග තලංගමදී අත්අඩංගුවට ගෙන සිටියදී පළාගිය කුඩු චාමර නොහොත් දේවගේ තුසිත චාමර නැමැත්තා අත්අඩංගුවට ගෙන තිබෙන බව වාර්තා වේ. ඔහු විදෙස් ගතවීමට උත්සාහ දරා ඇත්තේ සාගර තරිඳු නැමති ව්‍යාජ නමකින් වන අතර පසුගිය ජූනි මස 20 වැනිදා මොහු අත්අඩංගුවට ගනු ලැබුවේ හෙරොයින් ග්‍රෑම් 500 ක් ළඟ තබාගැනීමේ චෝදනාව මතයි. පසුව සැකකරු කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර රක්ෂිත බන්ධනාගාර ගතකළ අතර ඔහු මහර බන්ධනාගාරයේ සිටියදී ජූනි මස 28 වැනිදා අසනීප තත්ත්වයක් මත රාගම රෝහලට ඇතුළත් කර සිටියදී ඉන් පළාගොස් තිබෙනවා. සැකකරු මේ වනවිට රඳවාගෙන ප්‍රශ්න කරන බව වැඩි දුරටත් වාර්තා වේ.